Friday, November 14, 2014

සැඳෑ හිරැ රැස් මියෙන මොහොතක


සැඳෑ හිරැ රැස් මියෙන මොහොතක
දෙනෙත් කඳුළැල් සිඳුණු සවසක 
මතකයන් පිරි වෙරළ තීරෙට 
යළිත් එනවද මා දකින්නට

දෑස තැවරැණු කඳුළු පිසදා
සිත පෙළන දුක් සුසුම් හැරදා
පුරැදු කෙළිලොල් හිනාවෙන් නුඹ
සිනාසෙනවද මට බලන්නට

අතීතෙන් එක් දිනෙක විලසින්
මගේ දෑසට එබී සෙනෙහෙන්
ආදරේ යැයි කියා යනවද
ආදරේ නැති වුණත් පෙර ලෙස...

No comments:

Post a Comment